Social Icons

facebookrss feedemailtwitter

Tuesday, November 13, 2018

ඉතිහාසයේ වැඩිම ගුවන් ප්‍රහාර ගාසා තීරයට

යුද ගැටුම් හේතුවන් ගාසා තීරයේ යළිත් උණුසුම් වේ. ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙසින් පලස්තීනය මෝටාර් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ගැටුම් තවදුරටත් උග්‍රවී තිබේ.

ගාසා තීරයේ පලස්තීනයට අයත් අල් අක්සා රූපවාහිනී ආයතනයකට එල්ල වූ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් අදාළ ගොඩනැඟිල්ල විනාශයට පත්ව ඇත. ගාසා තීරයේ සිට රොකට් සහ මෝටාර් ප්‍රහාර 300කට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බවයි ඊශ්‍රායල බලධාරීන් පවසා තිබේ. ඉන් පුද්ගලයින් 10දෙනෙකු පමණ තුවාල ලැබූ බවත් සඳහන් වේ.