Social Icons

facebookrss feedemailtwitter

Saturday, November 10, 2018

ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු යළිත්

වසර 10 ක් වසා දමා තිබූ ඇඹිලිපිටියේ කඩදාසි කම්හල නැවත විවෘත කෙරේ. මාස 6 ක් වැනි කෙටි කලකින් එහි යළි කඩදාසි නිෂ්පාදනය කළ හැකි බව පැවසේ.

මෙහි දිනකට මෙ.ටොන්. 50 ක පමණ කඩදාසි නිෂ්පාදනය කර තිබේ. ඉදිරි අපේක්ෂාව නිෂ්පාදන ධාරිතාව මෙ.ටොන් 350 කින් ඉහළ දැමීමය. ඒ තුළ රැකියා අවස්ථා නිර්මාණය කර විදේශ විනිමය ඉපැයීම බලාපොරොත්තුවකි. එමෙන්ම ඉදිරියේදී කම්හල් දෙකක් ආරම්භ කර අප්‍රිකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, කෙන්යාව වැනි රට වලට නිෂ්පාදන අපනයනය කිරීම අපේක්ෂාවක් බව ආයතනයේ වත්මන් සභාපති අනුරුද්ධ අබේරත්න මහතා පවසයි.