Social Icons

facebookrss feedemailtwitter

Tuesday, November 13, 2018

ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ. 200 ක් පමණ අතුරුදන්ව සිටින බව වාර්තා වේ. වි

දෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පුද්ගලයින් 14 දෙනෙකුගේ සිරුරු පැරඩයිස් නගරය ආශ්‍රිතව තිබී සොයාගෙන ඇති බවයි. කැලිෆෝනියා ප්‍රානන්තයේ පවතින ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් දෙලක්ෂ 50,000ක් පමණ සිය වාසස්ථාන වලින් ඉවත් කිරිමටද පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට හෙක්ටයාර් 70,000 කට අධික ප්‍රමාණයකට මෙම ලැව් ගිනි තත්ත්වය බලපා ඇති බවයි. 1933 ලොස්ඇන්ජලිස්හි ග්‍රිෆිත් පාක් ලැව්ගින්නට පසු කැලිෆෝනියාවේ ඇති වූ දරුණුතම ලැව්ගින්න මෙය බව සැළකේ.