Social Icons

facebookrss feedemailtwitter

Saturday, November 10, 2018

විශ්‍රාම වැටුප් ලබන ජනතාව හයලක්ෂය ඉක්මවයි

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම සංඛ්‍යාලේඛන වලට අනුව මෙටර විශ්‍රාම වැටුප් ලබන ජනගහනය හය ලක්ෂයේ සීමාව ඉක්මවා ඇත.

2017 වසර අවසාන සංඛ්‍යාලේඛන වලට අනුව එම ප්‍රමාණය 600,867 ක් වන අතර 2018 ඔක්තෝබර් මාසය අවසානයේ දී එය 614,288 ක් දක්වා වර්ධනය වී ඇත. මේ අතර 2017 වසර තුළ දී විශ්‍රාමික ජනතාව වෙනුවෙන් ගෙවා ඇති විශ්‍රාම වැටුප් හී සමස්ත වටිනාකම රුපියල් බිලියන 181 කි. 2018 ඔක්තෝබර් මාසය තුළ දී විශ්‍රාම වැටුප් වශයෙන් ගෙවා ඇති මුදල රුපියල් බිලියන 15 ක් ලෙසින් වාර්තා වේ. සමස්ත විශ්‍රාම වැටුප් ලබන ජනතාවගෙන් සියයට 21.9 ක් රු. 30,000 ට වැඩි වැටුපක් ලබන බවත්, සියයට 41.1 ක් රු. 20,000 ත් රු. 30,000 ත් අතර වැටුපක් ලබන බව සහ සියයට 37.1 ක් ලබන වැටුප රු. 20,000 ට වඩා අඩු බවත් එම සංඛ්‍යාලේඛනය පෙන්වා දේ.