Social Icons

facebookrss feedemailtwitter

Friday, February 23, 2018

සයිබර් ආරක්ෂාව තරකර ගැනෙයි

පරිගණක සහ අන්තර්ජාල හරහා සිදුවන “සයිබර් අපරාධ” වලින් ආරක්ෂාවීම පිළිබද ලෝකයම මේ වන විට විශේෂ අවධානයක් යොමු කරමින් සිටී. කටාර් රාජ්‍යයත් - ඇමෙරිකාවත් අතර විශේෂ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබුණි. ගිවිසුමට අත්සන් තැබුණේ, ඩෝහාහිදීය.



ඒ, කටාර් ප්‍රවාහන සහ සන්නිවේදන අමාත්‍යවරයා මෙන්ම සයිබර් ආරක්ෂක අංශයේ නියෝජ්‍ය ලේකම්වරයා වන කලිඞ් අල් හෂ්මී සහ ඇමෙරිකා වාණිජ සහ ගෝලීය කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරිය වන එරින් වොල්ෂ් සහ ව්‍යාපාර කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර ලේකම් මනීෂා සිංගේ ප්‍රධානත්වයෙනි. මෙම නව ගිවිසුමට අනුව දෝහා සහ වොෂින්ටන් නුවර අතර පවතින සබඳතා තව තවත් ශක්තිමත් වනු ඇති බව කටාර් බලධාරීහු පවසති. සයිබර් අපරාධ දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, ගල්ෆ් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකාව සමඟ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළේ යැයි ද කටාර් බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.