Social Icons

facebookrss feedemailtwitter

Friday, February 23, 2018

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

පෘතුවියේ උතුරු අර්ධගෝලයේ රටවල් කිහිපයක ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. A.H1NI, A.H3N2 සහ ඉන්ෆ්ලුවෙන්සා B වර්ගයේ වෛරස දැනට සක්‍රීයව ව්‍යාප්ත වෙමින් පවතින බවත් එම රෝගය වැලැක්වීමේ හොඳම ක්‍රමය එන්නත් කිරීම බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.


දකුණු චීනයේ සහ උතුරු ඇමෙරිකානු මහාද්වීපයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතියි. උතුරු සහ නිරිතදිග යුරෝපීය රටවල ඉන්ෆ්ලුවෙන්සා B වර්ගයේ වෛරසය ශරීරගත වූවන්ගේ සංඛ්‍යාව වැඩි වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.