Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

ඡන්දය ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානයේදීම  

10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී පසුගිය මැතිවරණයවලදී සිදු කළ පරිදි ඡන්ද ගණන් කිරීම මධ්‍යගතව එනම් දිස්ත්‍රික් මූලස්ථානයේදී සිදු නොකෙරෙන අතර ඡන්ද මධ්‍යස්ථානයේදී සිටම ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


සියලුම පළාත් පාලන ආයතන කොට්ඨාසවලට වෙන් කර ඇති අතර කොට්ඨාසයක්, ඡන්ද මධ්‍යස්ථාන එකකින් හෝ කිහිපයකින් සමන්විත වේ. ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් ඡන්ද ගණන් කිරීම සිදු කරන නමුත් ආරක්ෂක හේතු මත හෝ යටිතල පහසුකම් පිළිබඳ කරුණු මත හෝ බොහෝ අවස්ථාවලදී ඒ ඒ කොට්ඨාසවල ප්‍ර‍ධාන ඡන්ද මධ්‍යස්ථානය පිහිටි පරිශ්‍රයේදී එකී කොට්ඨාසයේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ගණන් කිරීම සිදු කරනු ලැබේ.