Social Icons

facebookrss feedemailtwitter

Friday, February 23, 2018

ග්වන්තනාමෝ බන්ධනාගාරය වහන්න දෙන්න බෑ - ට්‍රම්ප්ගෙන් නියෝගයක්

මත භේදයට තුඩු දී ඇති ග්වන්තනාමෝ බන්ධනාගාරය තව දුරටත් පවත්වා ගෙන යන ලෙස නියෝග කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් අත්සන් කළ බව ජාතිය අමතමින් ඔහු ප්‍රකාශ කළේය. බරක් ඔබාමා ජනාධිපතිව සිටියදී පැවසුවේ මෙම මතභේදාත්මක පරිශ්‍රය හැකි ඉක්මනින් වසා දැමීමට අවශ්‍ය බවය.



ඔහුගේ සමයේ දී එහි සිටි බොහෝ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවනු ලැබූ අතර මේ වන විට එහි සිටින්නේ රැඳවියන් 41 දෙනකු පමණි. අතීතයේදී, භයානක ත්‍රස්තවාදීන් සිය ගණනක් මෝඩ ලෙස මුදා හැරීමෙන් සිදු වූයේ ත්‍රස්තවාදී යුද බිමේ දී යළිත් ඔවුන් මුණ ගැසීම බව පැවසූ ට්‍රම්ප් ජනාධිපත්වරයා ඔහු ඉරාකයේ එක්සත් ජනපද අත්අඩංගුවේ සිටි අයි එස් නායක අබු බක්ර් අල්-බග්ඩාඩි උදාහරණයක් ලෙස සඳහන් කළේය.