Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

උතුරු කොරියාවේ අමෙරිකානු ප්‍රතිපත්තිය

දකුණු කොරියා ජනාධිපති මන්දිරයේ ප්‍රකාශක Kim Eui-kyeom මහතාගේ ප්‍රකාශයකට අනුව දකුණු කොරියානු ජනාධිපති Moon Jae-in මහතා 25 වැනි දා PyeongChang නගරයේදී සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා පැමිණි උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිත කණ්ඩායම හමු වී තිබේ. එම හමුවේදී දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික සබඳතාව පෙරට වඩා පුළුල් ක්ෂේත්‍රවලදී වඩාත් වැඩි ප්‍රගති ලබා ගැනීමට කැමැත්තක් දැක්වූහ.



එපමණක් නොව, ද්විපාර්ශ්වික සබඳතාව යහපත් කරමින් කොරියානු අර්ධද්වීපයේ ගැටළු සම්පූර්ණයෙන් නිරාකරණය කිරීම සඳහා උතුරු කොරියා - ඇමරිකා සංවාදයක් හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු බව Moon Jae-in මහතා එම හමුවේදී පෙන්වා දී ඇත. උතුරු කොරියානු පාර්ශ්වය ඊට එකඟ වී තිබේ. උතුරු - දකුණු කොරියා සබඳතාව උතුරු කොරියා - ඇමරිකා සබඳතාව සමඟ ම වර්ධනය කළ යුතු බව උතුරු කොරියානු නියෝජිත කණ්ඩායම සඳහන් කළහ.

උතුරු කොරියාව සමඟ පවත්වන සංවාදයන්හී ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම නිර්න්‍යෂටිකකරණය විය යුතු බව ධවල මන්දිරය පවසයි. එය ඇමරිකාව, දකුණු කොරියාව සහ ජාත්‍යන්තර ප්‍රජා‍ව පුළුල් ලෙස එළඹ ඇති එකඟතාවකි. උතුරු කොරියාව නිර්න්‍යෂටිකකරණයට පැමිණෙන තෙක් අඛණ්ඩව උපරිම පීඩනය එල්ල කරන බවද ධවල මන්දිරය ප්‍රකාශ ක‍ර ඇත.