Social Icons

facebookrss feedemailtwitter

Friday, February 23, 2018

අමෙරිකාවේ ගිනි අවි භාවිතය පිළිබඳ සෝදිසි කිරීම් ඉහළ නැංවීමට ට්‍රම්ප්ගේ කැමැත්ත

අමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව එරට ගිනි අවි භාවිතය පිළිබඳ සෝදිසි කිරීම් ඉහළ නැංවීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්ත පළ කර තිබේ. මේ අනුව පොදු ස්ථානවලට ඇතුළු වීමේ දී ගිනි අවි තිබේද නැද්ද යන්න කරන සෝදිසි කිරීම් වැඩි කිරීමට නියමිතය. පසුගියදා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ උසස් පාසලක සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.


ප්‍රහාරකයා භාවිත කළ ගිනි අවිය නීත්‍යානුකූලව ලබාගත් එකක් බව වාර්තා වේ. මෙම සිදුවීමත් සමඟ අමෙරිකාවේ ගිනි අවි සංස්කෘතිය පාලනය කළ යුතු බවට ජනමතයක් ගොඩනැගුණි. ෆ්ලොරීඩා ප්‍රහාරකයා පසුගිය වසර තුළ ගිනි අවි 7 ක් මිලදී ගෙන තිබේ. ප්‍රහාරය සඳහා භාවිත කළ ගිනි අවිය ද ඊට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.