Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

සජීවී වැඩසටහන අතරතුර නිවේදිකාව දරුවා බිහි කරයි

අමෙරිකාවේ ගුවන් විදුලි නිවේදිකාවක් සිය වැඩසටහන සජීවීව සිදුකරන අතරතුර දරුවෙකු ප්‍රසූත කර තිබේ. කැසිඩේ ප්‍රොක්ටර් නැමැති එම නිවේදිකාව උදෑසන ගුවන් විදුලි වැඩසටහනක් සිදුකරන අතරතුර සිසේරියන් සැත්කමක් මඟින් දරුවෙකුට උපත ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මෙම දරු පුසූතිය සජීවිව වැඩසටහන සිදුකරන අතරතුර සිදුකිරීමට සැලසුම් කර තිබූ අතර ඒ සඳහා රෝහල් කාර්යමණ්ඩලයක සහය ද හිමිව තිබේ.

එම දරුවා ජේම්සන් ලෙස නම් කර ඇති අතර උදෑසන වැසටහන ශ්‍රවණය කරන ප්‍රේක්ෂකයින් අතර පැවැත්වූ තරඟයක් මාර්ගයෙන් අදාළ නම තෝරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.