Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 10, 2018

පළාත් පාලන මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 13,420 කදී ඉතා සාමකාමීව

පළාත් පාලන ආයතන 340ක සභික ධුර අට දහස් තුන්සිය විසිපස් දෙනකු තෝරා ගැනීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 13,420 දී ඡන්ද විමසීම පැවැත්විණ. මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 340ක සභික ධුර 8325 ක් සඳහා අපේක්ෂකයින් 57,095 දෙනෙක් මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටිති. දේශපාලන පක්ෂ 43 කින් හා ස්වාධීන කණ්ඩායම් 222 කින් මෙම අපේක්ෂකයෝ මැතිවරණයට ඉදිරිපත් වේ.


ඡන්ද විමසීම මැතිවරණ කොට්ඨාස 4903 කදී පැවැත්වුණ අතර ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 6823 දී ඡන්දය ගණන් කිරීම සිදු කෙරේ. මෙවර මැතිවරණයේදී ඡන්ද ‍පළේදීම ඡන්දය ගණන් කිරීම සිදු වන හෙයින් නිළධාරීන් එක්ලක්ෂ හැත්තෑතුන් දහස් තුන්සිය අසූ තුන් දෙනෙක් (1,73,383) මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇත. මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්දදායකයින් 1,570,806 දෙනෙක් මෙවර සුදුසුකම් ලබා තිබිණ.


පළමු ඡන්ද ප්‍රතිඵලය අද (10) රාත්‍රී 10.00න් පසු ලබා දීමට හැකි වෙතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ සදහන් කර ඇත. නව ඡන්ද ක්‍රමය අනුව ඒ ඒ ඡන්ද පළ තුළ දීම ඡන්ද ගණන් කිරීම සිදුවන අතර, තැපැල් ඡන්ද ගණන් කිරීමද වෙනම මධ්‍යස්ථාන 3852 ක සිදුවේ. පසුව ඡන්ද කොට්ඨාසයේ ප්‍රතිඵලයට අදාළ තැපැල් ඡන්ද ප්‍රමාණය එකතු කරනු ලැබේ. අනතුරුව කොට්ඨාස මට්ටමින් ලබා ගන්නා ප්‍රතිඵලය දිස්ත්‍රික්ක තේරීම්භාර නිලධාරි වෙත යැවීමෙන් පසුව මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ලබාදී මැතිවරණ ප්‍රතිඵලය පළාත් පාලන ආයතන මට්ටමින් නිකුත් කරනු ලැබෙන බව අතිරේක කොමසාරිස්වරයා සදහන් කර තිබේ.