Social Icons

facebookrss feedemailtwitter

Friday, February 23, 2018

ටෙරා කොටා පුතිමාවක ඇඟිල්ලක් සොරා ගනී.

24 හැවිරිදි ඇමෙරිකානු ජාතිකයෙකු එරට කෞතුකාගාරයක ප්‍රදර්ශනය කෙරෙන චීනයේ සුප්‍රකට පුරාවස්තුවක් ලෙස සැළකෙන ටෙරා කොටා ප්‍රතිමාවක වම් අතේ මහපටැඟිල්ල කඩා බිඳ සොරකම් කළ බව වාර්තා වේ. එම ටෙරා කොටා ප්‍රතිමාව වසර 2000 කට වැඩි ඉතිහාසයක් සහිත ඇ.ඩො. මිලියන 4.5 ක වටිනාකමකින් සමන්විතය.


ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ ෆ්රැන්ක්ලින් විද්‍යා කෞතුකාගාරයේදීය. ඒ අනුව චීන පාර්ශවය සදහන් කර ඇත්තේ, ඊට අදාළ ඇමෙරිකානු ආරක්ෂක අංශයෙන් මේ පිළිබඳව විමර්ෂණය කරන ලෙසය. එමෙන්ම සිදු වූ අපරාධය සම්බන්ධයෙන් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.