Social Icons

facebookrss feedemailtwitter

Friday, February 23, 2018

කොළඹ වරායේ ප්‍රතිනැව්ගත මෙහෙයුම් ධාරිතාවේ කැපී පෙනෙන වර්ධනයක්

කොළඹ වරායේ ප්‍රතිනැව්ගත මෙහෙයුම් ධාරිතාවේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එය 20.4%ක වර්ධනයක් බවයි එම අධිකාරිය පෙන්වා දේ. පසුගිය වසරේ ජනවාරි මස ප්‍රතිනැව්ගත බහලු මෙහෙයුම් තුන්ලක්ෂ හැටදෙදහස් හාරසිය පනස් එකක් මෙහෙයුම්කර ති‍බේ.


මෙම වසරේ ජනවාරි මස වන විට එය මෙහෙයුම් හාරලක්ෂ තිස්හයදහස් තුන්සිය තුනක් දක්වා ඉහළ ගොස් ඇත. ජය බහලු පර්යන්තය පසුගිය වසරේ ජනවාරි මස ප්‍රතිනැව්ගත බහලු මෙහෙයුම් එක්ලක්ෂ දාහතරදහස් දෙසිය අසූදෙකක් සිදු කළ අතර එය මෙම වසරේ ජනවාරි මස වනවිට එක්ලක්ෂ හැටහතරදහස් දෙසිය පනස්දෙකක් බවට පත්ව ඇතැයිද  ශ්‍රී ලංකා වරාය අධිකාරිය සදහන් කරයි.