Social Icons

facebookrss feedemailtwitter

Friday, February 23, 2018

බුද්ධි තොරතුරු හුවමාරු කලාපයක් ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු කලාපයේ රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේ කලාපීය මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට රජයේ අවසරය හිමිවේ. එම කලාපීය මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.



කලාපයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර මැඬ පැවැත්වීමේ අරමුණින් මෙය ස්ථාපිත කෙරේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල පරිශ්‍රය තුළ එය තාවකාලික වශයෙන් ස්ථාපිත කිරීමට නියමිතය.