Social Icons

facebookrss feedemailtwitter

Monday, February 12, 2018

චීනය - ශ්‍රී ලංකාවේ වැඩිම විදේශ ආයෝජන මූලාශ්‍ර සපයන රට බවට පත්වේ

චීනය ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ ආයෝජන මූලාශ්‍ර රට බවට පත් වෙයි. පසුගිය වසරේ ශ්‍රී ලංකාව ආකර්ෂණය කළ විදේශ ආයෝජන වටිනාකම ඇ.ඩො. බිලියන 1.63කි. එය නවතම ඉතිහාසගත වාර්තාවකි. එහි චීනයෙන් ලද ආයෝජනය සියයට 35ක් ගන්නා අතර චීනය ශ්‍රී ලංකාවට වැඩිම විදේශ ආයෝජන සිදු කළ රට බවට පත් වූ බව ශ්‍රී ලංකා ආයෝජන කමිටුවේ නවතම සංඛ්‍යාලේඛනයක දැක්වෙයි. විදේශ ආයෝජන ආකර්ෂණ කර්මාන්ත තුළ සංචාරක සහ තොරතුරු තාක්ෂණ කර්මාන්ත කැපී පෙනේ.


විදේශ ආයෝජකයන් වෙනුවෙන් වඩාත් පහසු සහ හිතකාමී ආයෝජන පරිසරයක් සලසා දීමෙහි ශ්‍රී ලංකා රජය නියැලී සිටින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමති මලික් සමරවික්‍රම මහතා පවසයි. මෙම වසර තුළ ඇ.ඩො. බිලියන 2.5 ක ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කිරීමටත් වසර 2020 වන විට එම සංඛ්‍යාව ඇ.ඩො. බිලියන 5ක් ඉක්මවනු ඇති බවටත් අපේක්ෂිත යැයි ඔහු ‍කියා සිටියේය.