Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

ශ්‍රිදේවි නිහඩ වේ

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළියක වූ ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වුවාය. හෘදයාබාධයකට ලක්ව මිය යනවිට ඇය 54 වෙනි වියේ පසුවූ බව ඇගේ පවුලේ සාමාජිකයෝ පැවසුහ. ශ්‍රිදේවි යන නමින් කා අතරත් ප්‍රකටව සිටි ඇය ඩුබායි හිදී අවසන් සුසුම් හෙළුවේ පවුලේ මංගලෝත්සවයකට සහභාගීවෙමින් සිටියදීය. වයස අවුරුදු හතරේ සිටම ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂා වලින් නිමවුණු චිත්‍රපටවලට එක්වූවාය.


ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමාපටයක් අති සාර්ථක තලයට ඔසවා තැබිය හැකි වූ අතලොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර ශ්‍රීදේවි සිටි බව සැළකේ. වයස අවුරුදු 4 දී පළමු වරට රංගනයට එක්වූ ශ්‍රී දේවි 1997 වසරෙන් පසුව වසර 15 ක් පමණ රංගනයෙන් ඉවත්ව සිටීම විශේෂත්වයකි. යළි 2012 දී රංගනයට පිවිසි ඇය 2013 දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය මියයනවිට ඇගේ සැමියා වූ බොනී කපූර් මෙන්ම දියණිය ඛුෂි ද ඇය සමග සිටි බව වාර්තාවේ.