Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

ඇමෙරිකාවට ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට කොන්දේසි පැනවිය නොහැකි බව ඉරාන විදේශ අමාත්‍යවරයා සදහන් කර සිටී

ඉරාන විදේශ අමාත්‍ය Mohammad Javad Zarif මහතා 24 වැනිදා ‍ටෙහෙරාන් විශ්ව විද්‍යාලයේ දේශනයක් කරමින් මේ බව සදහන් කර ඇත. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ජාත්‍යන්තර බහුපාර්ශවික ගිවිසුමක් බැවින් ඒක පාර්ශවික අත්සන් කිරීමේ සාමාජික රටක් වන ඇමෙරිකාවට ගිවිසුමට කොන්දේසි පැනවිය නොහැකි බව විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය.


ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සංශෝධනය කරන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කර තිබේ. ඉරානය බැලස්ටික් මිසයිල පර්යේෂණය කිරීම හා නිකුත් කිරීම සීමා කිරීම යනාදි කරුණු එම න්‍යෂ්ටික ගිවිසුමට ඇතුළත් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ ය. එ‍සේ නොවුනහොත් ඇමෙරිකාව එම ගිවිසුම අහෝසි කරනු ඇතැයි හෙතෙම පැවසීය. නමුත් එම න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳව යළි සාකච්ඡා නොකරනු ඇති බව ඉරානය බොහෝ විට ප්‍රකාශ කර තිබේ.