Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 10, 2018

2018 ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹේ

2018 ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල දකුණු කොරියාවේදී 09 වැනි දින ආරම්භ විය. 9 වැනි දින සිට ලබන 25 වැනි දින දක්වා පැවැත්වෙන ක්‍රීඩා උළෙල සඳහා රටවල් 92 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට ආසන්න පිරිසක් සහභාගීවිමට නියමිතය.



මෙම දිනවල දකුණු කොරියාවේ පවතින දැඩි ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉතිහාසයේ මේ දක්වා අධිකතම ශිත කාලගුණ තත්ත්වයක් මධ්‍යයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල බවට මෙවර ක්‍රීඩා උළෙල පවත්වන බව විදෙස් වාර්තා පෙන්වා දේ.

පසුගියවර ශිත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වූයේ රුසියාවේ සෝචි නුවරදීය.