Social Icons

facebookrss feedemailtwitter

Monday, February 12, 2018

2018 - පළාත් පාලන මැතිවරණය විශේෂ වේ

මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණය අංශ ගණනාවකින් වැදගත් වන බව, දේශපාලන විශ්ලේෂකයෝ පවසයි. සමානුපාතික සහ කේවල ඡන්ද ක්‍රම පාදක කරගත් මිශ්‍ර මැතිවරණයක් ලෙස මෙවර මැතිවරණය පැවැත්වුණි. ඒ අනුව පෙර පැවැති මැතිවරණ කොට්ඨාශ සහ සභික සංඛ්‍යාව ද වැඩි වී තිබේ. ජයගන්නා ඒ ඒ පක්ෂ අනුව අදාළ සභිකයින් පළාත් පාළන ආයතන සඳහා තෝරා ගන්නා අතර, ලැයිස්තු ක්‍රමයට අනුව ද සභික පිරිසක් තෝරා ගැනෙති. එම තත්වය නිසා ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවැත්වෙන විශාලතම පළාත් පාලන මැතිවරණය මෙය බව, මැතිවරණ කොමිසම සඳහන් කර සිටී.


පළාත් පාලන ආයතන වල සභික පිරිසෙන් කාන්තාවන් සඳහා සියට 10 ක් අනිවාර්ය කිරීම ද මෙවර මැතිවරණයේ සුවිශේෂී ලක්ෂණයකි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරය කාන්තාවන් වුවද මෙතෙක් දේශපාලන නියෝජනය සඳහා ඔවුන්ට වැඩි ඉඩක් නොළැබිණ. මෙවර ඡන්ද ගණනන් කිරීම ද විශේෂත්වයක් ගෙන තිබේ. ඒ අනුව ඒ ඒ ඡන්ද පළ තුළදීම ඡන්ද ගණන් කිරීම සිදුවේ. ශ්‍රී ලංකා දේශපාලනය පිළිබඳ කා අතරත් වැඩි අවධානයක් පවතින අවස්ථාවක මෙම මැතිවරණය පැවැත්වීම ද විශේෂත්වයක් වනු ඇතැයි, දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.