Social Icons

facebookrss feedemailtwitter

Monday, February 12, 2018

මෙවර සාමකාමී ඡන්දයක් - මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් ප්‍රකාශයක් (WEB)

ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් වාර්තා වුවද “2018 පළාත් පාලන මැතිවරණය” ඉතා සාමකාමීව පැවැති බව මැතිවරණ නිරීක්ෂකයන් සදහන් කර සිටී. මෙය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ පැවති සාමකාමී පළාත් පාලන මැතිවරණ වලින් එකක් බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ප්‍රධානී ආචාර්ය පාක්යසෝති සරවනමුත්තු මහතා සඳහන් කර ඇත.



මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පොලිසිය විසින් මේ වන විට 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 08 දෙනෙකු මැතිවරණ අපේක්ෂකයන්වේ. තඹලගමුව, නාරාහේන්පිට, ආනමඩුව, බදුරලිය, වැලිඔය, නාඋල, දෙහිඅත්තකණ්ඩිය ආදි ප්‍රදේශවල අත් පත්‍රිකා හා පෝස්ටර් බෙදාහැරීම්, තර්ජනය කිරීම් ආදී සුළු සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා වූ බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර තිබේ. පශ්චාත් මැතිවරණ සමය ආරම්භව ඇති හෙයින් මැතිවරණ නීතිරීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.