Social Icons

facebookrss feedemailtwitter

Friday, February 23, 2018

ඇමෙරිකාව නිකුත් කළ න්‍යෂ්ටික වාර්තාව චීනය දැඩි ලෙස හෙළා දකී

ඇමෙරිකාව නිකුත් කළ න්‍යෂ්ටික වාර්තාව චීනය දැඩි ලෙස හෙළා දකී. ඇමෙරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුව එම වාර්තාව නිකුත් කරමින් පදනම් විරහිතව චීනයේ සංවර්ධන සැළැස්ම අනුමාන කර තිබේ. එමඟින් චීනයෙන් එල්ලවිය හැකි න්‍යෂ්ටික තර්ජනය පිළිබඳව දැඩි අවධානයට ලක් කර ඇත.



ඊට එරෙහිව දැඩි ලෙස විරෝධය පළ කරන චීනය තරයේ ම සාමකාමී සංවර්ධන මාර්ගයන්හී රැදී සිටින බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක රේන් ගුවෝ ච්‍යං මහතා පැවසීය. ඕනෑ ම අවස්ථාවකදී ප්‍රථමයෙන් ම න්‍යෂ්ටික අවි භාවිත නොකිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම චීනයේ ආකල්පයයි. ඒ පමණක් නොව, ඕනෑ ම අවස්ථාවක දී න්‍යෂ්ටික අවි නොමැති රටවල් හා ඒවායෙන් තොර ප්‍රදේශවලට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත නොකිරීම හෝ ඊට තර්ජනයක් එල්ල නොකිරීම ද චීනයේ ප්‍රතිඥාවකි.

ඇමෙරිකාවට චීනයේ ජාතිකාරක්ෂක හා හමුදා සංවර්ධනය නිසි ආකාරයෙන් සලකා බැලිය හැකි බවට චීනයේ අපේක්ෂාව යැයි චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කරයි. දෙරටේ හමුදා සබඳතාව චීන-ඇමෙරිකා සම්බන්ධතාවන්හී ස්ථාවර සාධකයක් බවට පත් වනු ඇති අතර ලෝක සාමය හා කලාපීය ස්ථාවරත්වය දෙරට පොදුවේ ආරක්ෂා කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද හෙතෙම කියා සිටී. පසුගිය 2වැනි දා, ඇමෙරිකාවේ ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ න්‍යෂ්ටික වාර්තාව ඇමෙරිකානු රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ නව න්‍යෂ්ටික අවි පර්යේෂණය කරමින් එවායේ බලය තවදුරටත් නංවන ලෙසයි.