Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

සැසිවාරය ඇරඹීමටත් පෙර ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස්ගෙන් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කළ හැකි වෙනත් ක්‍රියාමාර්ග සොයා බැලිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පවසයි. මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි මහ සභා සැසිවාරය ඇරඹීමට පෙර ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කළ බවයි වාර්තා වී ඇත්තේ.



සිය වාර්තාව නිකුත් කරමින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ 2015 වසරේ ජනවාරි මස සිට මානව හිමිකම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරිම සඳහා ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව කටයුතු කිරීම පිළිබඳව ප්‍රසාදය පළ කරන බවය. කෙසේ වෙතත්, ඇතැම් විශ්වාසය ගොඩනැගීමේ පියවරයන් ක්‍රියාත්මක කිරිමේදී පිහිටුවන ලද ව්‍යුහයන් ප්‍රමාණවත් නොවන බව ද ඔහු සඳහන් කර ඇත.