Social Icons

facebookrss feedemailtwitter

Monday, February 12, 2018

කේප්ටවුන් නගරයේ ජල හිඟය උග්‍ර අතට

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ ජල අර්බුදය විශාල ලෙස ඉහළ ගොස් තිබේ. වසර ගණනාවක් වර්ෂාව නොලැබීම නිසා ජලය හිඟවී ඇති වීමට හේතු වූ බව වාර්තාවේ. මේ වන විට නගරයේ ජල මූලාශ්‍රවල ජල මට්ටම් 26%ක් දක්වා පහළ ගොස් ඇත. බළධාරීන් සඳහන් කරන්නේ ජල මට්ටම 13.5% මට්ටමට ළඟා වූ විට නගරයට ජලය සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බවය.




පවත්නා දැඩි නියඟය දිගටම පැවතුනහොත් අප්‍රේල් මස මැද භාගය වනවිට එම මට්ටමට පැණෙන්නේ යැයි බලධාරීන් අනතුරු අඟවා සිටී. මේ දිනවල එක් නගර වැසියෙකුට දෛනිකව ලීටර 25 බැගින් ජලය නිකුත් කරනු ලැබේ. දිය නෑම, රෙදි සේදීම ඇතුළු අනෙකුත් සියලු කාර්යයන් මේ ජල ප්‍රමාණයෙන් ඉටුකරගත යුතු වේ.