Social Icons

facebookrss feedemailtwitter

Friday, February 23, 2018

ඉරාකයේ පශ්චාත් සංවර්ධනයට ඇ.ඩො. බිලියන 30ක්

ඉරාකයේ පශ්චාත් සංවර්ධනය වෙනුවෙන් ඇ.ඩො. බිලියන 30ක් සැපයීමට ජගත් ප්‍රජාව එකඟ වී තිබේ. කුවේට්හි පැවති ඉරාකයේ පශ්චාත් සංවර්ධනය පිළිබඳ ජාත්යන්තර සමුළුවේ අවසන් රැස්වීමට එක්වෙමින් කුවේට් උප අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙවර සමුළුව සඳහා රටවල් හා ජගත් සංවිධාන 76 ක්, අන්තර්ජාතික සංවර්ධන අරමුදල් 51ක් හා රාජ්‍ය නොවන සංවිධාන 107 ක් ඇතුළු තවත් ආයතන සහභාගී විය.


පුළුල් සහභාගීත්වයක් තුළින් ඉරාකයේ පශ්චාත් සංවර්ධනය ජගත් ප්‍රජාවේ ඉහළ අවධානයට ලක් වී ඇති බව එයින් පිළිබිඹු වන බව පැවසේ. මානුෂවාදී සහනාධාර, ණය සැපයීම, ආයෝජන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා මෙම සහනාධාර යෙදවීමට බලාපොරොත්තු වේ. පසුගිය 12 වැනි දා ආරම්භ වූ මෙම සමුළුව 14 වන දා අවසන් විය. පසුගිය දෙසැම්බර් මස 9 වන දා අයි. එස්. අන්තවාදී සංවිධානය පරාජයට පත් කිරීම ප්‍රකාශ කිරීමෙන් පසු ඉරාකයේ පශ්චාත් සංවර්ධනය සම්බන්ධයෙන් පැවති පළමු ජාත්‍යාන්තර සමුළුව මෙය වේ.