Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

ජෙරුසලමෙහි ඇමෙරිකා තානාපති කාර්යාලයක්

ඇමෙරිකාව ජෙරුසලමෙහි තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීමට පියවර ගනී. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා Heather Nauert මහත්මිය 23 වැනිදා ප්‍රකාශ කළේ ජෙරුසලමෙහි තානාපති කාර්යාලය මැයි මාසයේ දී විවෘත වනු ඇති බවයි. ඒ ඊශ්‍රායල 70 වැනි නිදහස් සංවත්සරයට සමගාමීවය. ඇමෙරිකාවේ ජෙරුසලම් කොන්සල් ජෙනරාල් කාර්යාලය පිහිටි ස්ථානයේ ඇමෙරිකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය තාවකාලිකව ක්‍රියාත්මක කිරීම‍ට අපේක්ෂා කෙරේ.



ඒ සඳහා ස්ථිර ස්ථානයක් සොයා ගැනීමට ඇමෙරිකාව කටයුතු කරමින් පවතින බවත් එය දීර්ඝකාලීන කාර්යයක් බවත් Heather Nauert මහත්මිය පෙන්වා දුන්නාය. ඒ පිළිබඳව පලස්තීන ජනාධිපති මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල තානාපති කාර්යාලය ජෙරුසලමෙහි පිහිටූවීමට ක්‍රියා නොකරන  ලෙස‍ට ඇමෙරිකාවට අනතුරු අඟවා  තිබේ.