Social Icons

facebookrss feedemailtwitter

Friday, February 23, 2018

එකම රොකට්ටුවකින් චන්ද්‍රිකා 7 ක් අභ්‍යාවකාශ ගත කිරීමට චීනයට හැකි වේ.

ච්‍යාං හෙන්ග් අංක එක විද්‍යුත් චුම්බක නිරීක්ෂණ ‍චන්ද්‍රිකාව පසුගිය 02 වැනි දා චීනයේ ජියු චිඅන් චන්ද්‍රිකා කක්ෂ ගත කිරීමේ මධ්‍යස්ථානයේදී අභ්‍යාවකාශ ගත කෙරිණ. එම රොකට්ටුව මගින් චීනය, ඌරුගුවේ සහ ඩෙන්මාර්ක් යන රටවල කුඩා චන්ද්‍රිකා හයක් ද කක්ෂගත කර තිබේ.

ච්‍යාං හෙන්ග් අංක එක සාර්ථකව අභ්‍යාවකාශ කිරීමෙන් අධි යථාතථ්‍ය භූ භෞතික ගවේෂණ චන්ද්‍රිකාවක් හිමි රටක් බවට චීනය පත් වෙයි. එමඟින් ලෝකයේ රිච්ටර් මාපාංක 7 ට වඩා වැඩි මෙන්ම චීනයේ රිච්ටර් මාපක 6 ට වඩා වැඩි භුමිකම්පා පිළිබද තොරතුරු ලබා ගත හැකි වේ.