Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 9, 2018

නැගෙනහිර සරසවියේ නවක සිසුන් බඳවා ගැනීම කල් යයි

නැගෙනහිර විශ්වවිද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨ සඳහා 2016/17 අධ්‍යයන වර්ෂයට නවක සිසුන් ඇතුළත් කර ගැනීම දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

එම විශ්වවිද්‍යාලයේ මණ්ඩපාධිපති වී.කනකසිංහම් මහතා පැවසුවේ 5 වැනි දිනයේ නවක සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිතව තිබු බවයි. මෙම පීඨවල දැනට අධ්‍යයන කටයුතු වල නිරත සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ පන්ති වර්ජනය සැළකිල්ලට ගෙන පාලනාධිකාරිය මෙම තීරණයට එළඹ තිබේ. නවක සිසුන් ඇතුළත් කරගන්නා දිනය පසුව දැනුම් දෙනු ඇති.