Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 14, 2018

දකුණු කොරියා – ඇමරිකා යුධ අභ්‍යාසය නතර කරයි

දකුණු කොරියාව සමග පවත්වන යුධ අභ්‍යාසය නතර කරන බව අමෙරිකාව යළි තහවුරු කර ඇත.
ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඇති කරගත් එකඟතාවට අනූව ය. දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබේ. න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරිමට උතුරු කොරියාව එකඟත්වය පළ කර ඇත.

ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බව අමෙරිකාව සදහන් කර ඇත. අමෙරිකාව සහ දකුණු කොරියාව අතර පැවති යුධ අභ්‍යාසයට පසුගිය කාලයේ උතුරු කොරියාව දැඩි විරෝධය පළ කළේය. අමෙරිකාවේ සංචාරයක නිරත වන ලෙසට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියා නායකයාට ඇරයුම් කර තිබේ. කිම් ජොන් උන් ද අමෙරිකා ජනාධිපතිවරයාට තම රටේ සංචාරය කරන ලෙසට ආරාධනා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය. මේ අතර දකුණු කොරියා ජනාධිපති මුන්ජේයින් අමරිකා ජනාධිපතිවරයා සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වී තිබේ. යුධ අභ්‍යාස සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු වී නොමැත.