Social Icons

facebookrss feedemailtwitter

Friday, June 15, 2018

ඓතිහාසික ගිවිසුමට කරුණු 4 ක් ඇතුළත්

ඓතිහාසික හමුව අතරතුරේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර අත්සන් තැබුණු ගිවිසුම කරුණු හතරකින් සමන්විත වෙයි.

එයින් පළමු වැන්න නම්, ඇමරිකාව සහ උතුරු කොරියාව දෙරටේ වැසියන්ගේ අභිවෘද්ධිය සහ සාමය වෙනුවෙන් කැපවී ඊට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි යන්නය. දෙවැන්න, කොරියා ආර්ධද්වීපයේ සදාතනික සාමයක් ස්ථාපිත කිරීම සඳහා අත්වැල් අල්ලා ගැනීමට ඇමරිකාව සහ උතුරු කොරියාව එකඟත්වය පළ කිරීමය.

තෙවැන්න, උතුරු කොරියාව පසුගිය අප්‍රේල් 27 වැනිදා, ඔවුන්ගේ න්‍යෂ්ටික අවිහරණය සඳහා ගත් සියලු තීන්දු තීරණ ඒ අයුරින්ම කරගෙන යෑම සහ කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමය. සිවුවැනි කාරණාව වන්නේ දෙරට අතරේ සිරකරුවන් නිදහස් කිරීමය. එමෙන්ම, අතුරුදන් වූවන් සිටී නම්, කඩිනමින් ඔවුන් ගැන විශේෂ කමිටුවක් මගින් සොයා බැලීමක් සිදු කිරීමය.