Social Icons

facebookrss feedemailtwitter

Friday, June 15, 2018

සෙබළු ඉවත් කර ගන්න පොරොන්දු වුණේ නෑ

දකුණු කොරියාවේ රඳවා ඇති ඇමරිකන් සෙබළුන ඉවත් කර ගන්නවා යැයි තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවුණු අවස්ථාවේදී ඔහුට පොරොන්දුවක් ලබා දුන්නේ නැතැයි ඇමරිකා ජනාධිපති ට්‍රම්ප් පවසයි.

කෙසේ නමුත් කොරියානු අර්ධද්වීපයේ සාමය ස්ථාපිත කිරීමට, දකුණු කොරියාවේ රඳවා ඇති ඇමරිකන් හමුදා බාධාවක් බව පෙනී යන්නේ නම්, ඇමරිකන් හමුදා ගෙන්වා ගැනීමට තමන් පසුබට නොවන බව ද ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටී.