Social Icons

facebookrss feedemailtwitter

Monday, June 11, 2018

කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ මිල අඩු තාක්ෂණයක් සොයාගනියි

වායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරිමේ මිල අඩු තාක්ෂණයක් හඳුන්වාදීමට කැනේඩියානු සමාගමක් සමත් වි තිබේ.

නියමු ව්‍යපෘතියක් වශයෙන් 2015 වසරේදී කාබන් ඉංජිනියරින් නමැති ආයතනය විසින් දෛනිකව කාබන් ටොන් එකක් පමණ වායු ගෝලයෙන් ඉවත් කරන අතර ඒ සඳහා වැයවන මුදල දල වශයෙන් අමෙරිකානු ඩොලර් 100කට අඩු අගයක් බව වාර්තා වේ.


දැනට පවතින සාමාන්‍ය තාක්ෂණය යටතේ කාබන් ටොන් එකක් ඉවත් කිරිමට අමෙරිකානු ඩොලර් 600ක් පමණ වැය වේ. මයික්‍රොසොෆ්ට් අධිපති බිල් ගේට්ස් සහ කැනඩා සමාගමක ආයෝජන මත ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. එහිදී වායුගෝලයෙන් ඉවත් කරන කාබන්ඩයොක්සයිඩ් විවිධ  කාර්යයන් සඳහා යෙදෙවෙයි.