Social Icons

facebookrss feedemailtwitter

Friday, June 15, 2018

ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වූ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කර ඇත.

ඒ හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසිනි. දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 දරන සාපරාධී අඩන්තෙට්ටම් කිරීම් සහ අංක 486 දරන සාපරාධී බියවැදීම් චෝදනාවන් යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව හෝමාගම පොලීසිය විසින් මෙම නඩුව පවරා තිබුණි.

ඒ අනුව මාස හයකින් ගෙවී යන අන්දමට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඊට අමතරව එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000 ක වන්දි මුදලක් එක්වරම ගෙවන ලෙස නියම කර ඇති අතර එසේ නොගෙවන්නේ නම් තවත් මාස තුනක අතිරේක සිර දඬුවම්ද නියම කර තිබේ.