Social Icons

facebookrss feedemailtwitter

Monday, June 11, 2018

ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ගිවිසුමක්

ඩිජිටල්කරණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර නව ගිවිසුමක් ලබන සතියේදී අත්සන් කෙරෙන බව විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය පවසයි.

10 වැනි දින දිවයිනට පැමිණි ෆින්ලන්ත ආර්ථික කටයුතු හා රැකියා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතර තුරදී මෙම ගිවිසුමට එළැඹෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. නව ගිවිසුමට එළැඹීම සඳහා වන කැබිනට් අනුමැතිය මේ වන විට හිමිව ඇත.


ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර අත්සන් තැබෙන මෙම ගිවිසුම මඟින් මෙරට සයිබර් ආරක්ෂණය, ඉ - රාජ්‍ය ක්‍රමවේද, ඩිජිටල් සේවා සහ අත්‍යවශ්‍ය සන්නිවේදන ක්‍රම ඇතුළත් අන්තර්ජාල සම්බන්ධතා යන අංශ විශේෂයෙන් ආවරණය වන පරිදි ඩිජිටල්කරණය ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව වර්ධනය වනු ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.