අමෙරිකාවේ ප්‍රාන්ත තුනකට “ෆ්ලොරන්ස්” සුළි කුණාටුවේ බලපෑම් එල්ල විය හැකි බවට එරට බලධාරින් විසින් අනතුරු ඇගවා තිබේ.
Tuesday, September 11, 2018
IOC ඉන්ධන මිලත් ඉහළට
මුදල් අමාත්‍යාංශය විසින් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ ඉන්දියන් ඔයිල් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට
2017 අ.පො.ස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
සාම සාකච්ඡාවට සෞදියෙන් බාධා ඇති බවට යේමන හවුති නසරුල්ලා කැරලිකරුවන්ගෙන් චෝදනා
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජිනීවා නුවරදී සංවිධානය කර ඇති සාම සාකච්ඡා සඳහා තමන්ට සහභාගී වීමට සෞදි රජයෙන් බාධා පැමිණ ඇති බව යේමන හවුති නසරුල්ලා කැරලිකරුවන් පවසති.
“ආසියාන්” ලෝක ආර්ථික සමුළුව ඇරඹේ
වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන “ආසියාන්” ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් වියට්නාමයේ හැනොයි නුවරට ළඟා විය.
බෞද්ධ සාහිත්‍ය උළෙල සැප්තැම්බර් 14 දා කොළඹ දී
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 12 වැනි වරට සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උලෙළ 2018 සැප්තැම්බර් මස 14 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී
නිව්යෝර්ක් උමං දුම්රිය මාර්ගය නැවතත් විවෘත වේ
වසර 17 කට පෙර අල්කයිඩා ප්‍රහාරයෙන් විනාශ වූ “නිව්යෝර්ක් උමං දුම්රිය මාර්ගය” ඇමරිකානුවන් වෙනුවෙන් නැවත විවෘත කෙරේ.
කුවේට් නායකයා හා ට්‍රම්ප් අතර හමුවක්
නිල සංචාරයක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ සිටින කුවේට් නායක ෂයික් සභා අල් - අහමඩ් අල් - ජබීර් අල් - සභා ඇමරිකානු ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී හමුවී සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ප්‍රංශයේ හමුදා කටයුතු සදහා චන්ද්‍රිකා අලුත්වැඩියා කෙරේ
හමුදා කටයුතු සඳහා යොදා ගැනීමට චන්ද්‍රිකා අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රංශය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.2ක මුදලක් ආයෝජනය කරන බව එරට ආරක්ෂක අමාත්‍ය ෆ්ලෝරන්ස් පාලි ප්‍රකාශ කළාය.
Sunday, September 9, 2018
මැලේරියාව පතුරුවන මදුරු විශේෂයක් යළිත් හමුවේ
මැලේරියා රෝගය වැළඳුණු සිව් දෙනෙකු කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාව මැලේරියාව මුළුමනින්ම තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද්දේ, 2010 වසරේදීය.
කොළඹ වරාය වර්ධනයෙන් අංක එකට
2018 පළමු අර්ධයේදී කොළඹ වරාය ලොව වර්ධන අනුපාතය අතරින් පළමු ස්ථානය හිමිකර ගනී. ඒ ලොව ප්‍රධාන වරාය 30ක් අභිබවමිනි.
ලබන වසරේ අයවැය නොවැම්බර් 8 වැනි දා පාර්ලිමේන්තුවට
ලබන වසරේ රජයේ අයවැය ලේඛනය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ලබන නොවැම්බර් 8 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
නියඟයෙන් ලක්ෂ 6කට බලපෑම්
මේ දිනවල රටේ දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශල 89ක පවතින නියඟය හේතුවෙන් පවුල් 180000ක පුද්ගලයන් ලක්ෂ 6ක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අලි බාබා නිර්මාතෘ ජැක් මා විශ්‍රාම යයි
අන්තර් ජාලය හරහා භාණ්ඩ අලෙවිකරණයේ පුරෝගාමියා ලෙස සැලකෙන ‘අලි බාබා’ ව්‍යාපාරයේ නිර්මාතෘ මෙන්ම චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස ද සැලකෙන ජැක් මා හෙට (10) සිය 54 වැනි උපන්දිනය සමරන අතර, අලි බාබා ව්‍යාපාරයෙන් තමන් විශ්‍රාම ගන්නා බව ද පවසා ඇත.
Friday, September 7, 2018
කාන්තා දැල්පන්දු කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයට
සිංගප්පූරුවේ පැවැත්වෙන 11 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ දෙවැනි කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර 4 වැනි දින පැවැති තරගයෙන් ලකුණු 74 - 61ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ජපානයේ හොකයිඩෝ දූපතේ භූමිකම්පාවෙන් හානි රැසක්
ජපානයේ හොකයිඩෝ දූපත් ආසන්නයේ සිදුවූ රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පාවෙන් දේපල හා මිනිස් ජීවිත රැසක් අහිමි වී ඇති බව වාර්තා වේ.
පෙරුගුවේ තානාපති කාර්යාලය නැවතත් ටෙල්අවීව් නුවරට
ජෙරුසලමට මාරු කළ තම තානාපති කාර්යාලය ආපසු ටෙල් අවීව් නුවරට ගෙන යන බව ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන පෙරුගුවේ පවසයි.
ඉන්දියාව සමලිංගික අයිතිය තහවුරු කරයි
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අංක 377 වගන්ති ප්‍රකාරව පැවති නීතිය නිෂ්ප්‍රභ කරමින් සම ලිංගික හා සංක්‍රාන්තිකයන්ගේ නීතිය ඉන්දියාව තුළ පිළිගනු ලැබීය.
2019 අයවැය නොවැම්බර් 8
ආණ්ඩුවේ 2019 වසර සඳහා වන අය වැය ලේඛනය නොවැම්බර් මස 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.
Thursday, September 6, 2018
අප්‍රිකාවේ බොට්ස්වානා වන රක්ෂිතයේ අලි ඇතුන් 90 ක් මරා දමලා
අනවසර දඬයක්කරුවන් අප්‍රිකාවේ බොට්ස්වානා රාජ්‍යයේ වන රක්ෂිතයක අලි ඇතුන් 90 දෙනකු ඝාතනය කර ඇතැයි එරට රජය පවසයි.
හකානි සන්නද්ධ ජාලයේ නිර්මාතෘ මියයයි
ඇෆ්ගන් කැරැල්ලේ භයානකම සහ බලසම්පන්නම කණ්ඩායමක් ලෙස සලකනු ලැබූ හකානි සන්නද්ධ ජාලයේ නිර්මාතෘ ජලාලුදීන් හකානි මියගොස් ඇතැයි තලේබාන් සංවිධානය නිවේදනය කළේය.
ඉතිහාසය පිළිස්සී ගිය බ්‍රසීල කෞතුකාගාරය
වසර 200 ක් පැරණී බ්‍රසීල ජාතික කෞතුකාගාරයේ හටගත් ගින්නෙන් බ්‍රසීලයේ පමණක් නොව, බ්‍රසීලය අයත් ලතින් ඇමෙරිකා කලාපයේ පැරණිතම කෞතුකාගාරයේ බොහෝ වටිනා සාක්ෂි රැසක් ගිනිගත්තේය.
දකුණු කොරියානු නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාවට
උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර පැවැත්වීමට නියමිත තෙවන හමුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දකුණු කොරියානු නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාවට පැමිණ තිබේ.
මියන්මාරයේ මාධ්‍යවේදීන් දෙදෙනාට වසර 7ක සිරදඬුවමක්
මියන්මාර හමුදාවලින් පීඩාවට ලක්වන බවට සැලකෙන රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිළිබඳව වාර්තාකරණයේ නියැලූණු රොයිටර් මාධ්‍යවේදින් දෙදෙනෙකුට එරට අධිකරණය මගින් සිරදඬුවම් නියම කරයි.
බ්‍රහස්පතිගේ රතු ලපයේ ජලය
ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහ ලෝකය වන බ්‍රහස්පතිගේ විශාල රතු ලපය තුළ ජලය පවතින බව නාසා විද්‍යාඥයන් අනාවරණ කරගනී.
නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදාවට පවරා ගැනීමේ යෝජනාවක්
සයිටම් වෛද්‍ය පීඨයට අනුබද්ධව ආරම්භ කළ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීමට රජයට ඉදිරිපත් වී ඇති යෝජනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇත.
මරණ බියෙන් ලිබියානු සිරකරුවන් 400ක් පැන යයි
ලිබියාවේ ට්‍රිපොලි අගනුවර “අයින් සාරා” සිර ගෙදරින් සිරකරුවන් 400කට අධික පිරිසක් පැන යාමේ පුවතක් ජාත්‍යන්තර මාධ්‍යයෙන් වාර්තා විය.
චීනයේ ආදායම් බදු සංශෝධනයක්
සමාජ සාධාරණත්වය මුලික කර ගනිමින් චීනයේ ආදායම් බදු සංශෝධනය කෙරේ. මෙම බදු සංශෝධන සම්බන්ධයෙන් දින 5 ක් පුරා පැවති සාකච්ඡා වලින් අනතුරුව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ ද්වි මාසික සැසියේදී මේ සදහා අනුමැතිය හිමිවිය.
ජේබී ටයිෆූනයෙන් ජපානයේ මිලියන 1 . 2 කට බලපෑම්
වසර 25 කට පසුව ජපානයට බලපෑ දරුණුම ටයිෆූන් සුළි කුණාටුවට කියෝතෝ හා ඔසාකා දූපත් හරහා පැයට කිලෝ මීටර් 208 - 216 අතර වේගයෙන් හමා ගොස් තිබේ. ජපානය තුළ දැනට හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇත.
චීන-අප්‍රිකා සහයෝගතා සාකච්ඡා සභාවේ බෙයිජිං සමුළුව අවසන් වෙයි
එම සමුළුවෙන් පසුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, සාකච්ඡා සභාව් හිටපු සම සභාපති දකුණු අප්‍රිකා ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා හා නව සම සභාපති සෙනෙගල් ජනාධිපති Macky Sall මහතා සමග මහජන මහ ශාලාවේ පැවති මාධ්‍ය හමුවට එක්වූහ.
Sunday, September 2, 2018
ට්‍රම්ප් ගෙන් අනතුරු ඇගවීමක්
චීනය සිදුකල පැමිණීල්ලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ලෝක වෙළඳ සංවිධානයෙන් තමන් ඉවත් විය හැකි බවට ඇමරිකාවෙන් අතුරු ඇගවීමක්.
අයවැයෙන් වැටුප් වැඩි වන ලකුණු
ලබන නොවැම්බර් මස ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය මගින් සියලු රාජ්‍ය සේවාවන්හී වැටුප් වැඩි කිරීමක් සිදුවිය හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
බිම්ස්ටෙක් නව සභාපතිධුරය ශ්‍රී ලංකාවට
බහුආංශික තාක්ෂණික හා ආර්ථීක සහයෝගීතාව සදහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් ( BIMSTEC ) පස්වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිරිනැමුණා.
Saturday, September 1, 2018
Subscribe to:
Posts (Atom)