Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 2, 2018

පළාත් හතක මැතිවරණය ජනවාරියේ මනාප ක්‍රමයට

පළාත් සභා හතක මැතිවරණය ස්ථිර වශයෙන්ම පැරණි මනාප ක්‍රමය යටතේ ලබන ජනවාරියේදී පැවැත්වෙනු ඇති බව පැවසේ.

පැරණි සමානුපාතික ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය කටයුතු සකස් කරන ලෙස රජය නීති අංශ වෙත දැනුම් දී තිබේ. පළාත් සභා මැතිවරණය නව ක්‍රමවේදයට පැවැත්වීමේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වුවද සීමානිර්ණ වාර්තාව ප්‍රතික්ෂේපවීම නිසා සහ පනතේ අවශ්‍ය උප‍ලේඛන ඇතුළත්ව නැති නිසාත් නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේ බාධාවන් රැසක් මේ වනවිට මතුව පවතී.

එම නිසා පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීම පිළිබදව මේ වන විට පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ අවධානය යොමුව ඇත.