Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

සාම සාකච්ඡාවට සෞදියෙන් බාධා ඇති බවට යේමන හවුති නසරුල්ලා කැරලිකරුවන්ගෙන් චෝදනා

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජිනීවා නුවරදී සංවිධානය කර ඇති සාම සාකච්ඡා සඳහා තමන්ට සහභාගී වීමට සෞදි රජයෙන් බාධා පැමිණ ඇති බව යේමන හවුති නසරුල්ලා කැරලිකරුවන් පවසති.

යේමන ගුවන් අවකාශයෙන් ගමන් කිරීම සඳහා තම කණ්ඩායම් හට තහනමක් පැනවීමෙන් එලෙස බාධා කර ඇති බව හවුති කැරලිකරුවන් පවසා ඇත. යේමනය හා සෞදිය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් අදාළ සාකච්ඡා සඳහා සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කෙසේවෙතත් අදාළ සාකච්ඡා අධීක්ෂණය සිදුකරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරි මාර්ටින් ග්‍රිෆ්ත්ස් පවසා ඇත්තේ හවුති කැරලිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවයි. කැරලිකාර කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධිව ඇති හවුති පෙරමුණ වත්මන් යේමන රජයට පක්ෂපාතී ලෙස කටයුතු කරන අතර සෞදි රජය විසින් තමන් හට මෙලෙස යේමනය හරහා ගුවන්  ගමන් තහනම් කර ඇති බව සඳහන් වේ.