Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 9, 2018

අලි බාබා නිර්මාතෘ ජැක් මා විශ්‍රාම යයි

අන්තර් ජාලය හරහා භාණ්ඩ අලෙවිකරණයේ පුරෝගාමියා ලෙස සැලකෙන ‘අලි බාබා’ ව්‍යාපාරයේ නිර්මාතෘ මෙන්ම චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස ද සැලකෙන ජැක් මා හෙට (10) සිය 54 වැනි උපන්දිනය සමරන අතර, අලි බාබා ව්‍යාපාරයෙන් තමන් විශ්‍රාම ගන්නා බව ද පවසා ඇත.

තමන් තවදුරටත් අලි බාබා ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ රැඳී සිටින්නේ නැති බවත්, සමාජ සේවා වැඩවල නියැලෙන බවත් ජැක් මා පවසා ඇත. අන්තර් ජාලය හරහා දක්ෂ ව්‍යාපාරිකයකු ලෙස ඉදිරියට පැමිණීමට පෙර ජැක් මා ඉංග්‍රීසි ගුරුවරයෙකු විය. යළි ගුරුවරයකු වීමට තමාගේ කැමැත්තක් ඇතැයි ජැක් මා පවසා ඇත.