Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 9, 2018

නියඟයෙන් ලක්ෂ 6කට බලපෑම්

මේ දිනවල රටේ දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශල 89ක පවතින නියඟය හේතුවෙන් පවුල් 180000ක පුද්ගලයන් ලක්ෂ 6ක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, පුත්තලම, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව යන දිස්ත්‍රික්කවල  පවතින දරුණු නියඟයේ බලපෑමෙන් ඒ ප්‍රදේශවල දරුණු පානීය ජල හිඟයක් පවතින බවද එම ප්‍රදේශවල ජනතාව පවසති.මේ අතුරින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 77ක් සඳහා පානීය ජලය ලබාදීමට රුපියල් ලක්ෂ 578ක් දී ඇතැයි ආපදා සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පවසයි. ඊට අමතරව වගා ළිං ප්‍රතිසංස්කරණයද ළිං හෑරීම පිණිස රුපියල් ලක්ෂ 200ක් වෙන් කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.