Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

පාකිස්ථාන ජනාධිපතිවරණයෙන් අරීෆ් අල්වි මහතාට ජය

පාකිස්ථාන ජනාධිපතිවරණයේ මුලික ප්‍රතිඵල වලට අනුව ජනාධිපතිධුර අපේක්ෂක අරීෆ් අල්වි මහතා ජය ගනී.

පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් අනතුරුව සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළ අරීෆ් අල්වි මහතා එරට 13 වැනි ජනාධිපතිවරයා ලෙස ඉදිරි පස් වසර සඳහා කටයුතු කරනු ඇත. පාලක පාකිස්ථාන තෙරීක් - ඊ - ඉන්සාෆ් පක්ෂයේ අපේක්ෂකයා වූ ඔහු සමඟ තවත් ප්‍රතිවාදීහු දෙදෙනෙක් තරඟවැද සිටියහ. ඒ, විපක්ෂ පක්ෂවල ඒකාබද්ධ අපේක්ෂකයා වූ ෆාසල් ඌර් රේමන් මහතා හා පාකිස්ථාන මහජන පක්ෂයේ අපේක්ෂක අයිට්සාස් ආසන් මහතාය. පිළිවෙළින් ඔවුන් දෙදෙනා ජන්ද 185 සහ 124 බැගින් ලබාගෙන තිබිණ. අරීෆ් අල්වි මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 353 කි.