Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 9, 2018

රසායනික අවි භාවිතා කරන බවට රුසියාවට චෝදනාවක්

සිරියානු රජයේ හමුදාවන් රසායනික අවි භාවිත කිරීමට සූදානම් වන බව අමෙරිකාව පවසයි.

සිරියාව සඳහා පත්කරනු ලැබූ අමෙරිකානු නව නියෝජිත ජිම් ජෙෆ්රි සඳහන් කර ඇත්තේ ඒ සඳහා සාක්ෂි රැසක් පවතින බවයි. එරට ඉඩ්ලිබ් ප්‍රදේශයේ  දී සිරියානු හමුදාවන් විසින් මෙම රසායනික අවි භාවිත කිරීමට සූදානම් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. කෙසේවෙතත් රසායනික අවි භාවිත කරන බවට අමෙරිකාව සිදුකරන චෝදනා සිරියානු රජය අවස්ථා ගණනාවක දී ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.