Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

සමුද්‍ර පරිසර අධිකාරිය ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට නඩු පැවරීමට යයි

සමුද්‍ර පරිසර අධිකාරිය ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට එරෙහිව නඩු පැවරීමට සූදානම් වේ.

මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයට දැවි තෙල් ‍පොම්ප කිරීමේදී තෙල් නලයක් පුපුරා යාම නිසා සමුද්‍රයට එක් වූ තෙල් හේතූවෙන් සමුද්‍රයට හා පරිසර පද්ධතියට සිදුව ඇති හානියට එරෙහිව මෙම ක්‍රියා මාර්ගය ගන්නා බව සමුද්‍ර පරිසර අධිකාරිය සදහන් කරයි. වත්තල දික්ඕවිට වෙරළේ සිට මුහුදු සැතපුම් පහක් පමණ ඈත සමුද්‍රයේ තෙල් නලය පුපුරා යාම නිසා දැවි තෙල් ටොන් 25ක් පමණ මුහුදු ජලයට එක්වී ඇති බව පැවසේ.

මෙම දැවි තෙල් මුහුදේ සිට ගොඩබිම් වෙරළ තීරයට විශාල වශයෙන් පැමිණෙමින් තිබෙන අතර 10 වැනි දින වනවිට වෙරළට පැමිණි දැවි තෙල් බවුසර් 7ක් පමණ ඉවත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ දික්ඕවිට තෙල් විසුරුම් පාලන ඒකකයේ නිලධාරීන් ක්‍රියා කළහ.