Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 9, 2018

මැලේරියාව පතුරුවන මදුරු විශේෂයක් යළිත් හමුවේ

මැලේරියා රෝගය වැළඳුණු සිව් දෙනෙකු කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාව මැලේරියාව මුළුමනින්ම තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද්දේ, 2010 වසරේදීය.

නමුත් රෝගකාරක මදුරු විශේෂ මන්නාරම, වවුනියාව සහ කුරුණෑගල යන ප්‍රදේශ වලදී නැවත හමුවී ඇත. ඇනෝෆීලිස් කියුලිසිෆේසිස් ලෙස හැඳින්වෙන එම මදුරු විශේෂය කෑගල්ල, මාඔය හා රඹුක්කන්ඔය ආශ්‍රිතව හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය නිළධාරීන් පවසයි. පැහැදිලි නිශ්චල ජලයේ බිත්තර දමන මෙම මදුරුවා කිසිදු මරුදු නාශක ද්‍රව්‍යයකින් හෝ දූමායනයකින් විනාශ නොවන බව සෞඛ්‍ය අංශ සදහන් කර අත. ගලිගමුව තැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස වලින් හමුවී ඇති මැලේරියා රෝගීන් සිව් දෙනා විදුලිබල මණ්ඩලයේ සේවය සඳහා පැමිණි ඉන්දීය කම්කරුවන් පිරිසක් බව පැවසේ.