Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

“ආසියාන්” ලෝක ආර්ථික සමුළුව ඇරඹේ

වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන “ආසියාන්” ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් වියට්නාමයේ හැනොයි නුවරට ළඟා විය.

ආසියාන් සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත “ආසියාන්” ලෝක ආර්ථික සමුළුව 11 වැනි දින හැනෝයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භවේ. වියට්නාමයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස නොයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබූයේ වියට්නාමයේ තොරතුරු සහ සන්නිවේදන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය ග්යෙන් මාන් හං මහතා සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති දිසානායක මහත්මිය ඇතුලූ තානාපති කාර්යාලයීය නිලධාරීන් විසිනි.