Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 9, 2018

කොළඹ වරාය වර්ධනයෙන් අංක එකට

2018 පළමු අර්ධයේදී කොළඹ වරාය ලොව වර්ධන අනුපාතය අතරින් පළමු ස්ථානය හිමිකර ගනී. ඒ ලොව ප්‍රධාන වරාය 30ක් අභිබවමිනි.

ඇල්ෆාලයිනර් වාර්තාවලට අනුව බහලුම් මෙහෙයුම් වරායන් අතර මෙතෙක් පළමු ස්ථානයේ පසුවූ සිංගප්පූරු වරාය දෙවන ස්ථානයට පත්වී ඇත. කොළඹ වරායේ කාර්යක්‍ෂමතාව වර්ධනය කර ජාත්‍යන්තර බහලුම් මෙහෙයුම් සේවා ඵලදායි ලෙස ලබාදීමෙන් මෙම ස්ථානය හිමිකර ගැනීමට හැකිවී තිබේ. යුරෝපා, ආසියානු හා ප්‍රකට ඩුබායි වරාය ද ඇතුලුව සේවා සපයන බොහෝ වරායන් ඒ අනුව කොළඹ වරායට දෙවැනිව ඇත. වරාය හා සමෘද්ධිය සේවා, අධිකාරීත්වය, පර්යන්ත මෙහෙයුම්, සේවා සැපයුම් හා මූල්‍යායතන යනාදී දත්ත පදනම් කර ගනිමින් ඇල්ෆා ලයිනර් සකස් කිරීම සිදු කෙරේ. නිසි කළමණාකාරිත්වය හා සියලු පාර්ශ්වවල දායකත්වය මෙම ජයග්‍රහණයට හේතුව බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සදහන් කරයි.