Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

බ්‍රහස්පතිගේ රතු ලපයේ ජලය

ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහ ලෝකය වන බ්‍රහස්පතිගේ විශාල රතු ලපය තුළ ජලය පවතින බව නාසා විද්‍යාඥයන් අනාවරණ කරගනී.

ඒ නාසා ආයතනයේ ජූනෝ ගවේෂණ යානය මගින් බ්‍රහස්පතිගේ දැවැන්ත රතු ලපය වැසී ඇති වලාකුළු නිරීක්ෂණයෙන් ලද තොරතුරු අනුවය. ජූනෝ යානය මගින් එවන ලද තොරතුරු – දත්ත විශ්ලේෂණය කළ ඇමරිකාවේ මේරීලෑන්ඩ් හි නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ එහි ගැඹුරු වලාකුළු වල ජලයේ රසායනික සංඝටක පවතින බවයි. ඊට අමතරව, කාබන්මොනොක්සයිඩ්, ඔක්සිජන්වායු එහි පවතින අතර, බ්‍රහස්පති ග්‍රහයා තුළ හිරුගේ මෙන් නව ගුණයක ඔක්සිජන් පවතින බව අනාවරණ වී තිබේ.