Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 2, 2018

බිම්ස්ටෙක් නව සභාපතිධුරය ශ්‍රී ලංකාවට

බහුආංශික තාක්ෂණික හා ආර්ථීක සහයෝගීතාව සදහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් ( BIMSTEC ) පස්වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිරිනැමුණා.

බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළු ව පසුගිය 30 වැනි දින ආරම්භ වුයේ නේපාලයේ කත්මණ්ඩු නුවරදීය. සමුළුවේ සමාප්ති අවස්ථාවේ දී එහි නව සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත පිරිනැමිණ. බිමිස්ටෙක් සමුළුවේ නව සභාපති ධූරයට පත්වූ ජනාධිපතිවරයා වෙත මෙහිදී සියලූ රාජ්‍ය නායකයින් සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වීය.