Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

කුවේට් නායකයා හා ට්‍රම්ප් අතර හමුවක්

නිල සංචාරයක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ සිටින කුවේට් නායක ෂයික් සභා අල් - අහමඩ් අල් - ජබීර් අල් - සභා ඇමරිකානු ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී හමුවී සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මැද පෙරදිග කලාපයේ ආරක්ෂා, වෙළඳාම, ආයෝජනය, සහයෝගිතාවය සහ උපාය මාර්ගික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බව වාර්තා වේ. ගල්ෆ් කලාපයේ ඇතිවන ප්‍රශ්න විසදීම සඳහා කුවේට් නායකයා ගන්නා උත්සහය ඇමරිකානු ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැසසුමට ලක් වී ඇත.