Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 11, 2018

විදේශ සංචාරකයන්ට වැට් බදු ආපසු ගෙවීම අද සිට

විදේශ සංචාරකයන්ට රටින් බැහැර යන විට වැට් බදු ආපසු ගෙවීමට පියවර ගැනේ.

ඒ අනුව සංචාරකයින් විසින් වැට් බදු අය කරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම සිදුකෙරේ. එය 11 වැනි දින සිට ක්‍රියාත්මකයි. මේ සඳහා වන විශේෂ කවුළුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් විවෘත කෙරේ. 2018 අයවැය මඟින් යෝජිත මෙම ක්‍රමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර එම බදු ආපසු ගෙවීමේ ක්‍රමයට ඇතුළත්වීම සඳහා වෙළෙඳ ආයතන හිමිකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ ව්‍යාපෘතිය යටතේ තම වෙළෙඳ ආයතනය ලියාපදිංචි කළ යුතුවේ.

දැනට භාණ්ඩ හා ඇඳුම් පැළඳුම් විකුණන වෙළෙඳසැල් 18 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ විදේශිකයන් වෙත වැට් ආපසු ගෙවීමේ ක්‍රමයට දායක වීම සඳහා ලියාපදිංචි වී සිටී. විදේශීය සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම මෙහි අරමුණයි.