Social Icons

facebookrss feedemailtwitter

Friday, September 7, 2018

කාන්තා දැල්පන්දු කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයට

සිංගප්පූරුවේ පැවැත්වෙන 11 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ දෙවැනි කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර 4 වැනි දින පැවැති තරගයෙන් ලකුණු 74 - 61ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ අනුව ශ්‍රී ලංකාව වසරක් තුළ සිංගප්පූරුව පිට පිටම පරාජය කළ තෙවැනි අවස්ථාව මෙය ලෙස සටහන් වේ. එමෙන්ම හොංකොං කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලැබූ ජයග්‍රහනයත් සමග අවසන් තරගයට තේරී තිබේ. තරගාවලියේ විසි නව වැනි තරගය වශයෙන් සිංගප්පූරුවේ ඕසීබීසී ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී හොංකොං පිල සමඟ මූලික වටය යටතේ සහභාගිවූ අවසන් තරගයෙන් ලකුණු 71 - 48ක ජයක් වාර්තා කරමින් මේ ගෞරවය අත්පත් කරගැනීමට ඔවුහු සමත් වූහ. ඒ අනුව ලබන සෙනසුරාදා (8) ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතයි.